Friday, January 5, 2018

මගේ අම්මා


උදෑසන අවදිවන අම්මා

උයයි බත් අපට කන්නට

ඇයද බත් කා බැඳ ගනියි බත් මුල

ගෙන යන්නට තේ ඉඩමට....



බැඳ ගනියි දළු ගෝනිය      

පිනි වැටෙන පාන්දර,

කූඩල්ලන් පොරකයි ලේ බොන්නට

ඒත්..... කඩයි දළු දවස තිස්සෙම

හවසට ගන්නට, දවසේ පඩියම.....



අවුරුදු ගනන් දළු කඩා උස්සා දිවි බර

දැන් ඇයත් ගොස්ය වයසට

කුදු වී ඇත කොන්ද අම්මගේ

ගතම වෙහෙසා වැඩ කළ නිසාවෙන්......



අඳුරට පෙම් බැඳ ගෙනා සොච්චම

වැය කළා ඇය සේසතම ඇගේ පැටවුනට... නමුදු

ඇගේ දහඩිය, කඳුළු කැට අද

සතුටු කඳුලැලි බවට පත්ව ඇත...



එදා ඈ රැකි පුංචි දරුවන්            

වත්මනේ කරදඩු උස්ව ගිය

අනාගතේ ජය ගන්න වෙර දරන

යෞවනයන් නිසාවෙන්........





4 comments:

කන්නෙලියේ වගතුග

                             කන්නෙලියේ වගතුග ශ්‍රී ලංකාවේ පිහිටි කන්නෙලිය රක්ෂිතය   වැසි වනාන්තර අතරින් ප්‍රමුඛ ස්ථානයක් ග...