Thursday, January 18, 2018

ශ්‍රී ලංකාවේ ආදී වාසින්

                     
                                   ශ්‍රී ලංකාවේ ආදී වාසින්


    

        
  හෝමෝ සේපියන් සේවියන් හෙවත් නූතන මිනිසා අදින් වසර 40,000 කට මෙපිට වත්මන් ශාරීරික ස්‌වරූපයෙන්ම ජීවත් වී ඇති බව මානව හා පුරා විද්‍යාඥයන්ගේ පරීක්‍ෂණවලින් හෙළිකර ඇත. මේ මානවයා පිළිබඳ ශ්‍රී ලංකා භූමියේ බොහෝ ප්‍රදේශවලිනුත්, සබරගමු පළාතෙන් වැඩිම වශයෙන්ම ද සාධක ලැබීම නිසා ශ්‍රී ලංකාවේ විසූ පැරණිම මිනිසා බලංගොඩ මානවයා ලෙස අරුත් ගන්වා ඇත.
                                                                                                 

   


                   බලංගොඩ සංස්‌කෘතියට අයත් වැදගත්ම සොයාගැනීම ලෙස පෙන්වා දෙන බෙල්ලන්බැඳිපැලැස්‌සෙන් හමු වූ මානව අවශේෂ හා මෙවලම් පරීක්‍ෂා කළ පුරාවිද්‍යාඥයන් පැවැසුවේ පුරාණ ශිලා යුගයේ සිට මානවයන් ජීවත් වූ බවය


                   


හිටපු වැදී නායක තිසාහාමි (1998)



     

මේ අනුව වැද්දා යනු දඩයක්‌කරුවා යන අර්ථය ගෙන දෙයි. 'වැදි' යන්න 'වන චාරි' හෙවත් 'වනයේ හැසිරෙන්නා' යන අර්ථය ද ගෙන දෙයි. අතීත වැද්දා සතුන් හීලෑ කරගත් හෝ ශාක වගාකර ගත් හෝ නිවහන් තනාගත් පුද්ගලයෙකු නොවේ. මේ නිසා වැද්දා යනු 'ප්‍රාථමික මානවයා' යන අරුත ද ගෙන දෙයි. වැද්දා හැඳින් වීම සඳහා පුලින්ද, සබර, නිශාද, වන සරණ, වනපස, වනදරු, මිලක්‌ඛ, කිරාත යන නාමයන් ද භාවිත වී තිබේ, දුන්නෙන් විද සතුන් මරණ නිසාත්, දුනු දරා සිටින නිසාත්, 'වැද්දා' යන්න ව්‍යාවහාර වූ බව පෙනීයයි. මෙම ප්‍රාථමික ජන කොටස වැද්දන් යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ පමණි.




       වෙනත් කිසිදු රටක වැද්දෝ නොමැත. අතීත වැද්දා සත්ව හා ශාක ගෘහස්‌ථකරණයෙහි යෙදුණු පුද්ගලයෙකු නොවේ. නිශ්චිත භූමි සීමාවක්‌ තුළ පූර්ණ කාලීනව සතුන් දඩයම් කිරීමේ හා වන ද්‍රව්‍ය රැස්‌කිරීමේ යෙදුණු එසේ වුවද අද ජීවත් වන වැදි ජනයා ජීවන වෘත්තියක්‌ ලෙස සතුන් දඩයම් කිරීම නොකරයි. බොහෝ දෙනා වන ද්‍රව්‍ය රැස්‌කිරීමටත්, ගොවිතැනටත්, හුරු වී සිටිති. වැද්දන් ඔවුනට ම ආවේනික වූ මානව ලක්‍ෂණ හා සංස්‌කෘතික ලක්‍ෂණ ඇති ජන කොට්‌ඨාසයකි. ශ්‍රී ලංකාවේ වැදි ජනයා පිළිබඳ පළමු වරට සවිස්‌තරාත්මක පර්යේෂණ අධ්‍යයනයක්‌ සිදුකර ඇත්තේ වර්ෂ 1911 දී සී. ජී. සෙලිග්මාන් හා සිය බිරිඳ වූ බ්‍රෙන්ඩා ඉසඩ් සෙලිග්මාන් යුවළ විසිනි.  
      
       වැද්දන්ගේ ජීවන පැවැත්ම, පරිසරය හා සංස්‌කෘතික ලක්‍ෂණ අනුව ගල් වැද්දන්, මස්‌ වැද්දන්, නිරි වැද්දන්, කල වැද්දන්, මූදු වැද්දන්, කෝවුල් වැද්දන්, ගම් වැද්දන් හා දෙමළ වැද්දන් යනුවෙන් වර්ගවාදීව වැදි ජනයා හඳුන්වතත් පොදුවේ ගත් කළ මොවුන්ගේ ඇත්තේ එකම ජීවන රටාවකි. ලෝකයේ ප්‍රාථමික මානවයන් හා සසඳන විට අතීතයේ දී වැද්දන් නිර්වස්‌ත්‍රව සිටින්නට ඇතැයි සිතිය හැකිය. පසුව කොළ අතු, හම්, පට්‌ටා වලින් විලි වසාගත් බවට සාහිත්‍ය මූලාශ්‍ර වල තොරතුරු හමුවේ.
  
     වැදී ජනයා සතුව ගීත සාහිත්‍යක් ද දැක ගත හැකිය. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වු දඩයම ගැන කියවෙන ගීත හඳුනා ගත හැකිය. දඩයම සාර්ථක කර ගැනීම සඳහා යතු කර්ම කරනු ලබයි. එවැනි අවස්ථා වල ගායන කරනු ලබන ගීත ඇත.

      නා බල නා නා ඒ තෙදි නා නා              
    නා බල නා නා ඒ තෙදි නා නා  
    නන් තෙදි නා නයි තෙදි නා නා
    නන් තෙදි නා නයි තෙදි නා නා


    මා මිණි මා මිණි මා දෙයි යා
    මා මිණි මා මිණි මා දෙයි යා
    කාඛෙන් පා බල යක් ගම වේ
    කාඛෙන් පා බල යක් ගම වේ
    යමු දෙන්නා යමු දෙන්නා



 මෙම වැදී ගී ජන කවි වලටත් වඩා බොහෝ  පැරණිය. අපට නොතේරුනද රිද්මය තුල සිත් ගන්නා සුළු බවක් ඇත.

   වැදි ජනතාවගේ ආගමික වතාවත් අතර ඉතා ප්‍රසිද්ධ වන්නේ 'කිරි කොරහ' යාගයයි. නැතහොත් කිරි කොරෙස්‌ පොඡ්ජ ඔටා දැමීමයි. සාමාන්‍යයෙන් වසරකට වරක්‌වත් එය පැවැත්වීම ඔවුන්ගේ සිරිතයි. ලෙඩ දුක්‌ වැනි ආපදා අවස්‌ථාවලදී මෙන්ම සතුන් දඩයමට නොලැබෙන අවස්‌ථාවලදී කිරි කොරහ යාගය පැවැත්වීමෙන් නෑ යකුන් සතුටු වී අපල උපද්‍රව වැළකී දඩයමට සතුන් හමුවන බව ඔවුන්ගේ විශ්වාසයයි.
      
      වැදී ජනයාගේ පැරණි වාසභූමිය වූයේ තන්තිරිමලේ, වන්නිහැලඹෑව, කටුකැලියාව. තිඹිරිවැව, රොටවැව, පුස්‌දිවුල් වැව, පොළොන්නරුව, අනුරාධපුර ප්‍රදේශ ඇතුළත් උතුරු මැද පළාත වේ. වර්තමානයේ වැදි ජනයා ජීවත්වන්නේ මහියංගනය, සොරබොර, දඹාන, කොටබකිනිය, මහඔය, පොල්ලේබැද්ද, හේනේබැද්ද, සීතලවන්නිය. නුවරගල, හෙන්නානිගල, අත්බැද්දගල, රතුගල, නිල්ගල, දානිගල, දිඹුලාගල, බිංගොඩ, යක්‌කුරේ ප්‍රදේශ ඇතුළත් ඌව හා නැගෙනහිර පළාත් වල බව හඳුනා ගත හැකිය.



3 comments:

  1. හොඳ ලිපියක්.දිගටම ලියන්න.

    ReplyDelete
  2. උත්සාහය සාර්ථකයි...තවත් ලිපි ලියන්න.

    ReplyDelete

කන්නෙලියේ වගතුග

                             කන්නෙලියේ වගතුග ශ්‍රී ලංකාවේ පිහිටි කන්නෙලිය රක්ෂිතය   වැසි වනාන්තර අතරින් ප්‍රමුඛ ස්ථානයක් ග...