සුදු
නෙළුම කෝ සොර බොර වැවේ ගීතය ලිවීම සඳහා පාදක වු පසු බිම සලකා බලමු.
![]() |
රත්න
ශ්‍රී විජේසිංහයන් තම අත්දැකීමක් පාදක කොට ගෙන සුදු නෙළුම් කෝ සොර බොර වැවේ සිංදුව
රචනා කර ඇති අතර W.D අමරදේවයන්ගේ හඬින්
ගීතවත් වූ අපුරු ගීතයකි.
රත්න
ශ්‍රී විජේසිංහයන් ගුරුවරයෙකු ලෙස සේවය කරන අතරතුර 1981 වර්ෂයේදී එකල තිබු ආණ්ඩුව විසින්
මොණරාගල ප්‍රදේශයේ ඇති දුෂ්කර පාසලක් වන ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට මාරු කර යවා
ඇත. එම පාසලේ දුෂ්කරතාවය කෙතරම් ද යත් පාසලේ ළමුන් සඳහා වැසිකිළි පහසුකම් හෝ තිබී
නැත. නමුත් ඉතාම දක්‍ෂ ළමුන් මෙම පාසල තුළ අධ්‍යාපනය ලබා ඇත.
මෙතුමා
එම පාසලේ 7 ශ්‍රේණියට ඉගැන්වීමේ කටයුතු කර ඇත. එම පන්තියේ අවුරුදු 11 පමණ දක්‍ෂ
දැරියක් අධ්‍යාපනය ලබා ඇති අතර ඇය පාසල් පැමිණ ඇත්තේ අවාරෙටය. එක්තරා දිනයක මෙම දැරිය පෙනෙන්නට
නොසිටි නිසා අනෙක් ළමුන්ගෙන් මේ පිළිබඳව විමසු විට ඇය මිය ගියා යන කණගාටුදායක පුවත
අසන්නට සිදු විය. පසුව මෙතුමා පාසලෙන් වරුවක් නිවාඩු දමා දැරියගේ නිවස සොයා ගොස්
ඇත.
ඇගේ
නිවස පිහිටා තිබුණේ ඔක්කම්පිටිය දෙමටමල් විහාරය ආසන්නයේය. ඒ අසල වැවක් ඇති අතර එම
වැව ළඟ කටුමැටි ගසා ගොඩනගන ලද පුංචි ගෙය ඇගේ නිවස විය. එම නිවස කොතරම් කුඩා ද
කිවහොත් එම කුඩා දැරියගේ දේහය තැබීමට තරම් හෝ ඉඩක් නොමැත. ගමේ මිනිසුන් එකතු වී
මුදල් එකතු කර ගෙය අසලින් පුංචි මඩුවක් සකස් කර දැරියගේ දේහය තැන්පත් කර තබා ඇත.
ඇයගේ පුංචි දේහයට අන්දවා තිබී ඇත්තේ පාසල් ඇඳගෙන ආ පඬු පැහැ ගැන්වූ සුදු ගවුමයි.
දැරියගේ
මළගෙදර 10-12 වත් සෙනග සිට නොමැති අතර විශේෂම කාරණය වනුයේ එහි සිටි කිසිවෙකු හඬා
නොමැති වීමයි. එය එසේ සිදු වී ඇත්තේ එම මිනිසුන් ගෙවන දුෂ්කර ජීවිතය නිසා දුක්
විදලම කඳුළු සිදී ගොස් ඇති නිසාය.
එම
දැරියගේ පියා මැදිවයසේ පුද්ගලයෙකු වු අතර රත්න ශ්‍රී විජේසිංහයන් පියාගෙන් දියණියගේ
මරණය පිලිබඳ විමසු විට පියා පවසා ඇත්තේ, දැරිය පාසල නිම වී පැමිණි පසු වැවට ගොස්
මල් කඩා පන්සලට ගොස් මල් විකුණා ඇයට අවශ්ෂ්‍ය දේවල් ගන්නා බවත් ඉතිරි මුදල් ගෙදරට
දෙන බවද පවසා ඇත.
මෙම
දැරියගේ මරණය සිදු වී ඇත්තේ නොවැම්බර් මාසයකදීය. මෙකල එම ප්‍රදේශයට හොඳටම වහින
කාලයකි. එදිනද වැහලා වැව පිරි තිබු දිනයකි. ඊට දින දෙකකට පසු පෝය දිනය පැමිණෙන
නිසා පෝය දවසට විහාරයට වැඩියෙන් සෙනග පැමිණෙන නිසා වැඩියෙන් මල් කඩා ගත්තම
වැඩියෙන් විකුණා ගන්න පුළුවන් නිසා පාසල්
ගොස් ගෙදර ඇවිත් පෙරලා වැවට ගොස් ඇති අතර නැවත එම පුංචි දැරිය පැමිණ නැත.
රාත්‍රී
කාලයේදී හුළු අතු පත්තු කරගෙන ගමේ මිනිසුන් වැව වටේ සෙව්වත් ඇය හමු වී නැත. පසු
දින පාන්දර දැරියගේ මිනීය වැව් ඉවුරට පාවෙලා ඇවිත් තිබී ඇත.මේ අහිංසක පුංචි
දැරියගේ අතේ ලිහී ගිය නෙළුම් මල් දෙකක් රැදී තිබී ඇත.
මෙම
සිදුවීම ඇසු රත්න ශ්‍රී විජේසිංහයන් තුල විශාල කම්පනයක් හට ගෙන ඇති අතර 85
අවුරුද්දේ නැවත මාරුවීමක් හදා ගෙන ගාල්ල ප්‍රදේශයටම ඇවිත් ඇත. 87 අවුරුද්දේ ගුවන්
විදුලියේ මදුවන්ති නම් වැඩසටහනකට මෙම සිදුවීම පාදක කරගෙන සුදු නෙළුම කෝ සොර බොර
වැවේ සිංදුව රචනා කර ඇත.
මෙම
සිංදුව ලියද්දි රත්න ශ්‍රී විජේසිංහයන් ස්ථාන නාම වල වෙනසක් කරනු ලබයි. සිදුවීම
වුනේ ඔක්කම්පිටිය දෙමටමල් විහාරයේ වුණාට ප්‍රකට ස්ථාන දෙකක් තෝරා ගෙන ඇත. සොරබොර
වැව හා මහියංගනය යොදා ගෙන මෙම ගීතය රචනා කර ඇත.
E geethaye godak duka hitenawa.Honda lipiyak
ReplyDeleteRasawath viggrahayak...
ReplyDeleteLassanaiii 👍👍👍👍
ReplyDeleteKatawath nohithena widiye lassana adahsak
ReplyDelete