අපි
ජීවිතය ගොඩ නගා ගැනීමේදී සෑම පුද්ගලයෙක්ම සම්බන්ධතා පවත්වා ගනු ලබයි. එවැනි අවස්ථාවලදී
අප විව්ධ අත්දැකීම් වලට මුහුණ දෙනවා, පරාජයට පත් වෙනවා, මෙය සියල්ලටම පොදු කරුණකි.ජිවිතයේ
හැමදාම දිනනවානම් එය අසාමාන්‍ය කරුණකි.එම නිසා පරාජයට පත්වීම ඕනෑම කෙනෙකුට අනිවාර්ය
කරුණක් වේ. ජීවිතය ජයගග්‍රහණය කරනු ලබන්නේ පරාජයන්ගෙන් ලබන ජයග්‍රහණයන් නිසාය. එම
නිසා අත්දැකීම් ජිවිතයට බෙහෙවින් උපකරී
වේ. පරාජය වෙන්න ඒ තුළින් ඉගෙන ගන්න ඒ අත්දැකීම් වලින් ජීවිතය ජයගන්න... නමුත්
පරාජයක් ලැබුණු සැනින් අපි මානසිකව ඇද වැටෙනවා, දුර්වල වෙනවා, ඒක තමයි අපේ ස්වභාවය.
නමුත්
කළ යුත්තේ ඔබට පහර වදින වදින වෙලාවට, ඔබ වැටෙන වැටෙන වෙලාවට නැගිටීමයි. අපහාස
විදින්න විදින්න ඔබ තවත් ශක්තිමත් විය යුතුය. වැටී වැටී පාඩමක් ඉගෙන ගත යුතුය, එයයි අප කල යුත්තේ. ඔබ විටෙක සිතවී මෙය කියන්න
පහසුයි කියලා, ඒත් අප එය කළ යුතුය. නමුත් ඔබ ජිවිතයේ විවිධ අරමුණු සොය සොයා ඒ
ඔස්සේ දුවනවානම් ඔබ වැටෙන අවස්ථා ඇත. එවැනි විටෙක ඔබ,
අනේ ඇයි මට මෙහෙම වෙන්නේ?
මටමයි වෙන්නේ ?
මටනම් දැන් එපාවෙලා
මගේ දිහා දෙවියෝවත් බලන්නේ නැද්ද?
ආදී
බොහෝ දේ ඔබ මුවින් පිටවනවා ඔබට මතක ඇති.
නිදසුනක්
ලෙස අප කොතරම් පාඩම් කරත් විභාග අසමත් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලිදී අප
මානසිකව පීඩා විදිමින් ඇද වැටෙනවා නේද? ඒ වගේම අපි තවත් හිතන දෙයක් තමයි ඕනෑම
වැඩකට බාධා කරන පිරිසක් අප වටා ඉන්නවා කියන එක, අපි ළගින්ම ඉන්න අපේම අය, නෑදෑයන්,
යහළු මිතුරන් අපිව අධෛර්යට පත් කරනවා යන්න අප දරන මතයකි. නමුත් අපව අධෛර්යට පත්
කරන පුද්ගලයා සිටිනුයේ අප තුළම බව ඔබ මොහොතක් නතර වී හොදින් සිතා බැලුවහොත් ඔබට
වැටහෙනු ඇත. මෙම ප්‍රශ්නය තමාගෙන් අසා බලන්න එවිට ඔබට සත්‍ය වැටහෙනු ඇත.
පළමු උදාහරණයම ගෙන විමසා බලනවානම්, විභාග කාලයේදී අපි උදැසන අවධිවීම සඳහා බෙල් තියනු ලබයි. ඒත් උදේ මෙම තත්වය වෙනස් වී තව ටිකකින් නැගිටිනවා, දවල්ටම පාඩම් කරනවා, ආදී ලෙස පවසනුයේ තවත් මිතුරෙකු හෝ නෑදෑයෙකු, අසල්වැසියෙකු නොව ඒ ඔබම නොවේද? මෙය මදකට නතර වී තමාගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි.
පළමු උදාහරණයම ගෙන විමසා බලනවානම්, විභාග කාලයේදී අපි උදැසන අවධිවීම සඳහා බෙල් තියනු ලබයි. ඒත් උදේ මෙම තත්වය වෙනස් වී තව ටිකකින් නැගිටිනවා, දවල්ටම පාඩම් කරනවා, ආදී ලෙස පවසනුයේ තවත් මිතුරෙකු හෝ නෑදෑයෙකු, අසල්වැසියෙකු නොව ඒ ඔබම නොවේද? මෙය මදකට නතර වී තමාගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි.
අපිව
ඉහළට ඔසවා තැබීමටත්, පහළට තල්ලු කර දැමීමටත් මුල් වී ඇත්තේ තම සිතම වේ. ඔබට පවතින
විශාලම බාධකය වන්නේ ඔබේම සිතයි. අපි නැවත හැරී සිතට තරවටු කළ යුතුය. එයට අභියෝග කළ යුතුය. ඔබට වැටෙන්න ඉඩ දිය යුතු
නැත. ඔබ ඔබේ අරමුණට යා යුතුය. බාධක හමුවේ අරමුණ වෙනස් නොකළ යුතු අතර මාර්ගය වෙනස් කරන්න.
බොහෝ
ඉහළ ස්ථානවල සිටින මිනිසුන් එම ස්ථානවලට ගිහින් තියෙන්නේ බොහෝ පරාජයන් හේතු සාධක
වු නිසාය. බොහෝ මන්දිර තනන්නේ පරණ නටබුන් එකතු කර බව අමතක නොකළ යුතු කරුණකි. ඔබට
බාධක කම්කටලු වලට මුහුණ දෙන්න සිදු වුවහොත් ඔබ නැගී සිටින්න, සිත නමැති බාධකයටද අභියෝග
කරන්න. වැටෙන්න වැටෙන්න නැගී සිටින්න.ඒ තුළින් ඔබට ඉදිරියට යන්න අවශ්‍ය ඒ මහා
ශක්තිය ඔබ තුළ ගොඩනැගෙනු ඇත.
ඔබ
හෙළන හෙළන කදුළු බිදුවක්, දාඩිය බිදුවක් හරහා අනාගතය රන් අකුරින් ලියනු ඇත. ඔබේ ඉලක්කය අරමුණ අත්හරින්න එපා එය අල්ලා ගන්න.
තලන යකඩයක් මෙන් ශක්තිමත් වෙන්න. ඔබව වට්ටන්න උත්සාහ කරන ඔබේම සිත සමඟ සටන් කරන්න,
ජයගන්න, දිනන්න, ලෝකයම ඔබේ අතට ගන්න. ඔබට ජය..........
ගොඩක් සතුටුයි..............
ReplyDeletea good start. congratulations dr
ReplyDeletethaks mage yaluwoo
ReplyDeletesuper guide
ReplyDeletelassanai sudu
ReplyDeletelassanai sudu
ReplyDeleteRealy appreciate you, it's good effort, add more..
ReplyDeleteRealy appreciate you, it's good effort, add more..
ReplyDeleteLassanai ayeaha....
ReplyDeletegodak watinawa....
ReplyDeleteGodak watina artical ekak dear....
ReplyDelete