Thursday, January 18, 2018

ශ්‍රී ලංකාවේ ආදී වාසින්

                     
                                   ශ්‍රී ලංකාවේ ආදී වාසින්


    

        
  හෝමෝ සේපියන් සේවියන් හෙවත් නූතන මිනිසා අදින් වසර 40,000 කට මෙපිට වත්මන් ශාරීරික ස්‌වරූපයෙන්ම ජීවත් වී ඇති බව මානව හා පුරා විද්‍යාඥයන්ගේ පරීක්‍ෂණවලින් හෙළිකර ඇත. මේ මානවයා පිළිබඳ ශ්‍රී ලංකා භූමියේ බොහෝ ප්‍රදේශවලිනුත්, සබරගමු පළාතෙන් වැඩිම වශයෙන්ම ද සාධක ලැබීම නිසා ශ්‍රී ලංකාවේ විසූ පැරණිම මිනිසා බලංගොඩ මානවයා ලෙස අරුත් ගන්වා ඇත.
                                                                                                 

   


                   බලංගොඩ සංස්‌කෘතියට අයත් වැදගත්ම සොයාගැනීම ලෙස පෙන්වා දෙන බෙල්ලන්බැඳිපැලැස්‌සෙන් හමු වූ මානව අවශේෂ හා මෙවලම් පරීක්‍ෂා කළ පුරාවිද්‍යාඥයන් පැවැසුවේ පුරාණ ශිලා යුගයේ සිට මානවයන් ජීවත් වූ බවය


                   


හිටපු වැදී නායක තිසාහාමි (1998)



     

මේ අනුව වැද්දා යනු දඩයක්‌කරුවා යන අර්ථය ගෙන දෙයි. 'වැදි' යන්න 'වන චාරි' හෙවත් 'වනයේ හැසිරෙන්නා' යන අර්ථය ද ගෙන දෙයි. අතීත වැද්දා සතුන් හීලෑ කරගත් හෝ ශාක වගාකර ගත් හෝ නිවහන් තනාගත් පුද්ගලයෙකු නොවේ. මේ නිසා වැද්දා යනු 'ප්‍රාථමික මානවයා' යන අරුත ද ගෙන දෙයි. වැද්දා හැඳින් වීම සඳහා පුලින්ද, සබර, නිශාද, වන සරණ, වනපස, වනදරු, මිලක්‌ඛ, කිරාත යන නාමයන් ද භාවිත වී තිබේ, දුන්නෙන් විද සතුන් මරණ නිසාත්, දුනු දරා සිටින නිසාත්, 'වැද්දා' යන්න ව්‍යාවහාර වූ බව පෙනීයයි. මෙම ප්‍රාථමික ජන කොටස වැද්දන් යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ පමණි.




       වෙනත් කිසිදු රටක වැද්දෝ නොමැත. අතීත වැද්දා සත්ව හා ශාක ගෘහස්‌ථකරණයෙහි යෙදුණු පුද්ගලයෙකු නොවේ. නිශ්චිත භූමි සීමාවක්‌ තුළ පූර්ණ කාලීනව සතුන් දඩයම් කිරීමේ හා වන ද්‍රව්‍ය රැස්‌කිරීමේ යෙදුණු එසේ වුවද අද ජීවත් වන වැදි ජනයා ජීවන වෘත්තියක්‌ ලෙස සතුන් දඩයම් කිරීම නොකරයි. බොහෝ දෙනා වන ද්‍රව්‍ය රැස්‌කිරීමටත්, ගොවිතැනටත්, හුරු වී සිටිති. වැද්දන් ඔවුනට ම ආවේනික වූ මානව ලක්‍ෂණ හා සංස්‌කෘතික ලක්‍ෂණ ඇති ජන කොට්‌ඨාසයකි. ශ්‍රී ලංකාවේ වැදි ජනයා පිළිබඳ පළමු වරට සවිස්‌තරාත්මක පර්යේෂණ අධ්‍යයනයක්‌ සිදුකර ඇත්තේ වර්ෂ 1911 දී සී. ජී. සෙලිග්මාන් හා සිය බිරිඳ වූ බ්‍රෙන්ඩා ඉසඩ් සෙලිග්මාන් යුවළ විසිනි.  
      
       වැද්දන්ගේ ජීවන පැවැත්ම, පරිසරය හා සංස්‌කෘතික ලක්‍ෂණ අනුව ගල් වැද්දන්, මස්‌ වැද්දන්, නිරි වැද්දන්, කල වැද්දන්, මූදු වැද්දන්, කෝවුල් වැද්දන්, ගම් වැද්දන් හා දෙමළ වැද්දන් යනුවෙන් වර්ගවාදීව වැදි ජනයා හඳුන්වතත් පොදුවේ ගත් කළ මොවුන්ගේ ඇත්තේ එකම ජීවන රටාවකි. ලෝකයේ ප්‍රාථමික මානවයන් හා සසඳන විට අතීතයේ දී වැද්දන් නිර්වස්‌ත්‍රව සිටින්නට ඇතැයි සිතිය හැකිය. පසුව කොළ අතු, හම්, පට්‌ටා වලින් විලි වසාගත් බවට සාහිත්‍ය මූලාශ්‍ර වල තොරතුරු හමුවේ.
  
     වැදී ජනයා සතුව ගීත සාහිත්‍යක් ද දැක ගත හැකිය. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වු දඩයම ගැන කියවෙන ගීත හඳුනා ගත හැකිය. දඩයම සාර්ථක කර ගැනීම සඳහා යතු කර්ම කරනු ලබයි. එවැනි අවස්ථා වල ගායන කරනු ලබන ගීත ඇත.

      නා බල නා නා ඒ තෙදි නා නා              
    නා බල නා නා ඒ තෙදි නා නා  
    නන් තෙදි නා නයි තෙදි නා නා
    නන් තෙදි නා නයි තෙදි නා නා


    මා මිණි මා මිණි මා දෙයි යා
    මා මිණි මා මිණි මා දෙයි යා
    කාඛෙන් පා බල යක් ගම වේ
    කාඛෙන් පා බල යක් ගම වේ
    යමු දෙන්නා යමු දෙන්නා



 මෙම වැදී ගී ජන කවි වලටත් වඩා බොහෝ  පැරණිය. අපට නොතේරුනද රිද්මය තුල සිත් ගන්නා සුළු බවක් ඇත.

   වැදි ජනතාවගේ ආගමික වතාවත් අතර ඉතා ප්‍රසිද්ධ වන්නේ 'කිරි කොරහ' යාගයයි. නැතහොත් කිරි කොරෙස්‌ පොඡ්ජ ඔටා දැමීමයි. සාමාන්‍යයෙන් වසරකට වරක්‌වත් එය පැවැත්වීම ඔවුන්ගේ සිරිතයි. ලෙඩ දුක්‌ වැනි ආපදා අවස්‌ථාවලදී මෙන්ම සතුන් දඩයමට නොලැබෙන අවස්‌ථාවලදී කිරි කොරහ යාගය පැවැත්වීමෙන් නෑ යකුන් සතුටු වී අපල උපද්‍රව වැළකී දඩයමට සතුන් හමුවන බව ඔවුන්ගේ විශ්වාසයයි.
      
      වැදී ජනයාගේ පැරණි වාසභූමිය වූයේ තන්තිරිමලේ, වන්නිහැලඹෑව, කටුකැලියාව. තිඹිරිවැව, රොටවැව, පුස්‌දිවුල් වැව, පොළොන්නරුව, අනුරාධපුර ප්‍රදේශ ඇතුළත් උතුරු මැද පළාත වේ. වර්තමානයේ වැදි ජනයා ජීවත්වන්නේ මහියංගනය, සොරබොර, දඹාන, කොටබකිනිය, මහඔය, පොල්ලේබැද්ද, හේනේබැද්ද, සීතලවන්නිය. නුවරගල, හෙන්නානිගල, අත්බැද්දගල, රතුගල, නිල්ගල, දානිගල, දිඹුලාගල, බිංගොඩ, යක්‌කුරේ ප්‍රදේශ ඇතුළත් ඌව හා නැගෙනහිර පළාත් වල බව හඳුනා ගත හැකිය.



Friday, January 12, 2018

රිය අනතුරු

           
                            රිය අනතුරු වළකමු..  ජීවිත රැකගමු...

                                                    

         අතීතයේ ගමනාගමනය සඳහා භාවිත වූයේ ගොන් බැඳි කරත්තයයි. එහෙත් වර්තමානය වෙද්දී එයට රථවාහන ආදේශ වී ඇත්තේය. රථ වාහන මිනිසාගේ කාර්ය ඉතා පහසු කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටක වැඩිදියුණු විය යුතු ප්‍රධාන අංගයක් වන්නේ ද ගමනාගමනයයි. මහාමාර්ගවල රථවාහන වැඩිවීමත් සමඟ නිතර අපට අසන්නට දකින්නට ලැබෙන රිය අනතුරු සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යන බවක් පෙනේ. මේ නිසා සිදුවන ජීවිත හානි බොහෝය. එමෙන්ම ඇතිවන ආර්ථික අලාභ ද සුළුපටු නොවේ.
       තිස් අවුරුදු යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාවට වැඩි පිරිසක් වර්තමානය වන විට රිය අනතුරුවලින් මිය යමින් සිටිති. මේ අනුව මහ මඟ ත්‍රස්තවාදය ලෙස ද රිය අනතුරු හඳුන්වන්නට යෙදිණි. මේවා පිළිබඳ සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු, උපදේශන දිනපතා සිදු වුවත්  කිසිදු ප්‍රයෝජනයක් සිදු වී නැති බව පෙනී යයි.
       රිය අනතුරු අවම කිරීමට  දඩ මුදල් වැඩිකර තිබේ. එය තරමක් ඉහළ දමා තිබීම ද විශේෂයකි. ප්‍රධාන වැරැදි පහකට හඳුන්වා දී ඇති අවම දඩය රුපියල් 25,000/- කි. බීමත් ව රිය පැදවීම, රියදුරු බලපත්‍ර නැතිව රථවාහන ධාවනය කිරීම, රක්‍ෂණ ආවරණයක් නැතිව රථයක් ධාවනය කිරීම, බාල වයස්කාරයන් වාහන ධාවනය කිරීම මෙන් ම බලපත්‍ර නැති අයට රථවාහන ලබාදීමත් මේ වැරැදි අතර පවතී. තවත් වැරැදි ගණනාවක දඩය ද ඉහළ දමා ඇත. මේ කිසිවක් අයුක්ති සහගත යැයි කියන්නට බැරි ය.

  රිය අනතුරු වලට මුලික හේතු කිහිපයක් හඳුනා ගත හැකිය. එහි අංක එක වනුයේ  අපරීක්ෂාකාරී ඉස්සර කිරීම් ය. අපේ රියදුරෝ වංගුවේදීත් ඉස්සර කරති. කහ ඉරේදීත් ඉස්සර කරති. ඉරි දෙකේදීත් ඉස්සර කරති. අධික වේගය දෙවන ‍හේතුව වේ. රිය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වී ඇත. හරියට අපේ රියදුරන් රථය ධාවනය කරනුයේ ඊයේ යන්නට සිටි ගමනක් මේ දැන් යනවා වගේ ය. ඉන් හැඟී යන්නේ ඉවක් - බවක් නැතිව රථවාහන පදවන බව ය. මේ නිසාම නීතිගරුක පුද්ගලයාටද සන්සුන් ලෙස රථය ධාවනය කිරීමේ හැකියාවක් නැත.
        රටක්‌ අඩු ආදායම් සහ මධ්‍ය ආදායම් මට්‌ටම්වල සිටිනවා නම්, එවැනි රටවල රිය අනතුරු මංකොල්ල කෑම් දූෂණ වංචා ඉහළ මට්‌ටමක පවතිනවා. විශේෂයෙන්ම මේ රටවල පුද්ගලයන්ගේ මනෝ භාවයන් විවිධයි විෂමයි. ඒ හැරුණු විට ආකල්ප සංවර්ධනය කිරීම බෙහෙවින් ගැටලු සහගතයි. කොයි දේ කොහොම වුණත්, සියයට අනුවක්‌ පමණම වාහන අනතුරුවලට ලක්‌වන්නේ, ත්‍රීවීල් යතුරු පැදි පා පැදි, රියදුරන් සහ පදිකයින්. මේ අය වෙනුවෙන් තමයි නීති පද්ධතියක්‌ රටේ ඇති විය යුත්තේ. මොකද මේ අයගේ ජීවිත වල වටිනාකම් මනින්න මිනුම්දණ්‌ඩක්‌ නැහැ. ජීවිතයක්‌ අහිමි වුණාම එහි ආදීනවය විඳවන්නේ ජීවත් වෙන්න ඉතිරි වන පවුලේ සාමාජිකයින්. බිරිඳ දරුවන්. රිය අනතුරුවලින් ජීවිත අහිමි වුණ දහසක්‌ පිරවරුන්ගේ ස්‌වාමිපුරුෂයන්ගේ වියෝවයට පසුව දහසක්‌ පීඩා විඳීන බිරින්දෑවරු දරුවෝ අද සමාජයේ මොන තරම් නම් අසරණ වෙලා ඉන්නවාද,? ඒ අය තමන්ගේම මහන්සියෙන් කැපවීමෙන් ජීවිතය ගැටගහගෙන ඉදිරියට යන්න ඕනෑ. මේ තත්ත්වයට පත්වුණ අය විතරයි එහි පීඩාව දන්නේ. නමුත් ඒ වන විට සිදු විය යුතු දේ සිදු වී හමාරය.
        රිය අනතුරක්‌ වළක්‌වා ගැනීමට දැනුම පමණක්‌ ප්‍රමාණවත් වන්නේ නැහැ. ලෝකයේ කුමන මට්‌ටමේ දියුණු රටක්‌ වුවද අධ්‍යාපනයෙන් පමණක රිය අනතුරු වළක්‌වාගෙන නැහැ. මත්පැන් පානය කළ පසු රථවාහන ධාවනය නොකරන්නැයි මහජනතාව දැනුවත් කොට තිබෙනවා. නමුත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව වාහන ධාවනය කරන පිරිස්‌ රටේ ඉහළ සිට පහළටම සිටිනවා. හෙල්මට්‌ එක පාවිච්චි නොකර යතුරු පැදියට නගින්න එපා කියා හැම මොහොතකම දැනුම් දෙනවා. එවැන්නන් පොලිසියෙන් අල්ලනවා, දඩ ගහනවා. ඒත් අතුරු පාරක ධාවනය කරන යතුරු පැදිකරුවෝ කිසි වෙලාවක හෙල්මට්‌ දාන්නේ නැහැ. මේ කාරණා අවබෝධ කරවන්නේ තමන්ගේ ආරක්‌ෂාවට කියලා මේ අය හිතන්නේ නැහැ. එවැනි සරළ කරුණු වලින්ම අපට පැහැඳිලි වෙනවා දැනු වත් කිරීමෙන් පමණක්‌ රථවාහන අනතුරු වළක්‌වා ගන්න බැහැ කියලා.
        කල්පනා කර බලන්න.., අපි වාහනයක්‌ පදවන්න පටන් ගත් මුල් දින කිහිපය. අපි මේ වාහනයක්‌ එළවනවා ය කියලා අපට හිතෙනවා. දැන් තිරිංග  තද කරන්න ඕනෑ. වමට හරවන්න ඕනෑ කියන කාරණා අපි බොහොම විමසිල්ලෙන් හිතලා කරනවා. නමුත් වාහනය පැදවීම ඇඟට කා වැදුන දවසේ ඉඳලා ඔය මොනවත් හිතන්නේ නැහැ. කෙටියෙන්ම කියතොත් දැන් ජංගම දුරකතනය කනේ තියාගෙන අපිට යන්න ඕනෑ තැනට ගියේ කොහොමද වත් නොදැන අපි ඔහේ වෙන සිහියක යනවා. මේ තත්ත්වය එන්න එන්න දරුණු වේගෙන එන විට නීති රීති පැනවීමක්‌ අවශ්‍ය වෙනවා. ඒවගේම අනතුරුත් බහුල වෙනවා.
       මත් පැන් භාවිත කොට රිය පැදවීම , වලංගු බලපත්‍රයක්‌ නොමැති රිය පැදවීම , වලංගු බලපත්‍රයක්‌ නොමැතිව අයෙකුට රිය පැදවීමට දීම, දුම්රිය ගේට්‌ටු හරහා අනාරක්‌ෂිතව රිය පැදවීම, රක්‌ෂණ සහතිකය නොමැතිව රිය පැදවීම, වමෙන් ඉස්‌සර කිරීම යන වරදවල් නොකළ සිටිය යුතුය.මෙකී වරදවල් හිතා මතා සිදු කරන වරදවල් එවැනි වරදවල් සඳහා දඩ මුදල් මීටත් වඩා වැඩි කළ යුතු නොවේද? හිතා මතා සිදු කරන වරදකින් ජීවිත හානියක්‌ සිදු කරන්නේ නම් එය බරපතළ වරදක්‌ බව අප අමතක නොකළ යුතුය.
      කරුණු කෙසේ වෙතත් අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවන්නේ අහිංසක දුප්පත් මිනිස්‌සු. පා පැදි යතුරු, පැදි, ත්‍රීවීල් මොනතරම් දිනකට අනතුරුවලට ලක්‌ වෙනවාද, තමන්ගේ ජීවිත මහාමාර්ගයේ දී ආරක්‌ෂිතද නැද්ද කියලා දැන් දැන්  මිනුසුන් තේරුම් ගත යුතුව ඇත.
    රටක්‌ හැමදාම වැරදි කර කර දඩ කොළ දිදී ඉදිරියට යන්න ඕනැ නැහැ. ස්‌වයං සංවරකමක්‌ රියෑදුරෙකු විසින්ම සාදා ගත යුතුය.
·       වේගයෙන් රිය ධාවනය නොකිරීම.
·       බස්‌ රථවලට ප්‍රමාණය ඉක්‌ම වූ මගීන් පැටවීම නොකිරීම.
·       තරගකාරී ධාවනයෙන් තොරවීම.
·       කඳු හෙල්, පල්ලම්, වංගුවලදී ධාවනය කරනවිට ඉතා සැලකිලිමත්වීම.
·       නුසුදුසු තත්ත්වයේ වාහන ධාවනයට නොයෙදවීම.
·       බීමත්ව රිය පැදවීමෙන් වැළකීම.
·       මාර්ග නීති ගැන අවධාරණය කිරීම.
·       යතුරුපැදි, ත්‍රීවීල් ධාවනයේදී මාර්ග නීති පිළිපැදීම හා විනයගරුක වීම.
යන කරුණු පිළිබඳව සෑම රියදුරෙකුම අවධානය යොමු කළ යුතුය.

      තමන්ගේ අම්මගේ, තාත්තගේ,සහෝදර සහෝදරියන්ගේ ජිවිත මහජනතාවගේ ජිවිත අනතුරේ දානවද රැක ගන්නවද කියලා ඔබම මොහොතක් සිතන්න... ඔබ ඔබේ ජීවිතයටත් ඔබේම අයගේ ජීවිතය පිළිබඳවත් හොදින් සිතන්න.... ජිවිත රැකගමු..... රිය අනතුරු වළකමු......










Thursday, January 11, 2018

ගීයක තතු විමසමු

    
        සුදු නෙළුම  කෝ සොර බොර වැවේ ගීතය ලිවීම සඳහා පාදක වු පසු බිම සලකා බලමු.







      රත්න ශ්‍රී විජේසිංහයන් තම අත්දැකීමක් පාදක කොට ගෙන සුදු නෙළුම් කෝ සොර බොර වැවේ සිංදුව රචනා කර ඇති අතර  W.D අමරදේවයන්ගේ හඬින් ගීතවත් වූ අපුරු ගීතයකි.

      රත්න ශ්‍රී විජේසිංහයන් ගුරුවරයෙකු ලෙස සේවය කරන අතරතුර 1981 වර්ෂයේදී එකල තිබු ආණ්ඩුව විසින් මොණරාගල ප්‍රදේශයේ ඇති දුෂ්කර පාසලක් වන ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට මාරු කර යවා ඇත. එම පාසලේ දුෂ්කරතාවය කෙතරම් ද යත් පාසලේ ළමුන් සඳහා වැසිකිළි පහසුකම් හෝ තිබී නැත. නමුත් ඉතාම දක්‍ෂ ළමුන් මෙම පාසල තුළ අධ්‍යාපනය ලබා ඇත.

       මෙතුමා එම පාසලේ 7 ශ්‍රේණියට ඉගැන්වීමේ කටයුතු කර ඇත. එම පන්තියේ අවුරුදු 11 පමණ දක්‍ෂ දැරියක් අධ්‍යාපනය ලබා ඇති අතර ඇය පාසල් පැමිණ  ඇත්තේ අවාරෙටය. එක්තරා දිනයක මෙම දැරිය පෙනෙන්නට නොසිටි නිසා අනෙක් ළමුන්ගෙන් මේ පිළිබඳව විමසු විට ඇය මිය ගියා යන කණගාටුදායක පුවත අසන්නට සිදු විය. පසුව මෙතුමා පාසලෙන් වරුවක් නිවාඩු දමා දැරියගේ නිවස සොයා ගොස් ඇත.

        ඇගේ නිවස පිහිටා තිබුණේ ඔක්කම්පිටිය දෙමටමල් විහාරය ආසන්නයේය. ඒ අසල වැවක් ඇති අතර එම වැව ළඟ කටුමැටි ගසා ගොඩනගන ලද පුංචි ගෙය ඇගේ නිවස විය. එම නිවස කොතරම් කුඩා ද කිවහොත් එම කුඩා දැරියගේ දේහය තැබීමට තරම් හෝ ඉඩක් නොමැත. ගමේ මිනිසුන් එකතු වී මුදල් එකතු කර ගෙය අසලින් පුංචි මඩුවක් සකස් කර දැරියගේ දේහය තැන්පත් කර තබා ඇත. ඇයගේ පුංචි දේහයට අන්දවා තිබී ඇත්තේ පාසල් ඇඳගෙන ආ පඬු පැහැ ගැන්වූ සුදු ගවුමයි.

        දැරියගේ මළගෙදර 10-12 වත් සෙනග සිට නොමැති අතර විශේෂම කාරණය වනුයේ එහි සිටි කිසිවෙකු හඬා නොමැති වීමයි. එය එසේ සිදු වී ඇත්තේ එම මිනිසුන් ගෙවන දුෂ්කර ජීවිතය නිසා දුක් විදලම කඳුළු සිදී ගොස් ඇති නිසාය.

    එම දැරියගේ පියා මැදිවයසේ පුද්ගලයෙකු වු අතර රත්න ශ්‍රී විජේසිංහයන් පියාගෙන් දියණියගේ මරණය පිලිබඳ විමසු විට පියා පවසා ඇත්තේ, දැරිය පාසල නිම වී පැමිණි පසු වැවට ගොස් මල් කඩා පන්සලට ගොස් මල් විකුණා ඇයට අවශ්ෂ්‍ය දේවල් ගන්නා බවත් ඉතිරි මුදල් ගෙදරට දෙන බවද පවසා ඇත.

       මෙම දැරියගේ මරණය සිදු වී ඇත්තේ නොවැම්බර් මාසයකදීය. මෙකල එම ප්‍රදේශයට හොඳටම වහින කාලයකි. එදිනද වැහලා වැව පිරි තිබු දිනයකි. ඊට දින දෙකකට පසු පෝය දිනය පැමිණෙන නිසා පෝය දවසට විහාරයට වැඩියෙන් සෙනග පැමිණෙන නිසා වැඩියෙන් මල් කඩා ගත්තම වැඩියෙන්  විකුණා ගන්න පුළුවන් නිසා පාසල් ගොස් ගෙදර ඇවිත් පෙරලා වැවට ගොස් ඇති අතර නැවත එම පුංචි දැරිය පැමිණ නැත.

       රාත්‍රී කාලයේදී හුළු අතු පත්තු කරගෙන ගමේ මිනිසුන් වැව වටේ සෙව්වත් ඇය හමු වී නැත. පසු දින පාන්දර දැරියගේ මිනීය වැව් ඉවුරට පාවෙලා ඇවිත් තිබී ඇත.මේ අහිංසක පුංචි දැරියගේ අතේ ලිහී ගිය නෙළුම් මල් දෙකක් රැදී තිබී ඇත.

       මෙම සිදුවීම ඇසු රත්න ශ්‍රී විජේසිංහයන් තුල විශාල කම්පනයක් හට ගෙන ඇති අතර 85 අවුරුද්දේ නැවත මාරුවීමක් හදා ගෙන ගාල්ල ප්‍රදේශයටම ඇවිත් ඇත. 87 අවුරුද්දේ ගුවන් විදුලියේ මදුවන්ති නම් වැඩසටහනකට මෙම සිදුවීම පාදක කරගෙන සුදු නෙළුම කෝ සොර බොර වැවේ සිංදුව රචනා කර ඇත.

       මෙම සිංදුව ලියද්දි රත්න ශ්‍රී විජේසිංහයන් ස්ථාන නාම වල වෙනසක් කරනු ලබයි. සිදුවීම වුනේ ඔක්කම්පිටිය දෙමටමල් විහාරයේ වුණාට ප්‍රකට ස්ථාන දෙකක් තෝරා ගෙන ඇත. සොරබොර වැව හා මහියංගනය යොදා ගෙන මෙම ගීතය රචනා කර ඇත.









කන්නෙලියේ වගතුග

                             කන්නෙලියේ වගතුග ශ්‍රී ලංකාවේ පිහිටි කන්නෙලිය රක්ෂිතය   වැසි වනාන්තර අතරින් ප්‍රමුඛ ස්ථානයක් ග...